මහින්ද විපක්‍ෂ නායක කරන්න සන්ධානය තීරණය කරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස නම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රැුස්වුණු සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ආර්. සම්බන්ධන් මහතා දරන විපක්‍ෂ නායක ධුරයත් අනුර
දිසානායක මහතා දරන විපක්‍ෂ සංවිධායක ධුරයත් ඔවුනගෙන් ඉවත් වීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද පස්වරුවේ යලි රැස්වීමට නියමිතය.

Previous Post Next Post