විභාග වංචා කළ ගුරු ගොල දෙපළට විනය පරීක්ෂණ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග වංචා සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගුරුවරිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ
මෙම පරීක්ෂණය සිදුකෙරෙන බව සඳහන් වේ.

සිද්ධීයට අදාළව පාර්ශව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පරීක්ෂණ වලින් අනතුරුව අදාළ ගුරුවරිය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බව සඳහන් වේ.

මේ අතර එම පරීක්ෂණයට අමතරව අදාළ ගුරුවරිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පොලීසිය මගින් සිදුකරනු ලබන විමර්ශන වලට අමතරව එම පරීක්ෂණ සිදුකෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේය.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සිසුවා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාග ආඥා පනත යටතේ ක්‍රියාමාර්ග ගනු ඇති බව සඳහන් වේ.

පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය සඳහා දුරකථන කෙටි පණීවුඩ මාර්ගයෙන් පිළිතුරු සැපයීමේ චෝදනාවට අදාළ ගුරුවරිය සහ සිසුවා ඊයේ(07) අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරින ලදී.


Previous Post Next Post