මැතිසබය විසුරුවීමඃ පෙත්සම් විභාගය අවසන්; තීන්දුව දීම දින නියමයක් නැතිව කල් දමයි !

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 9 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඊයේ (7 දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නැතිව කල් තැබීය.

 ජනාධිපතිවරයාගේ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින්
ශ්‍රේෂ්ඨාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය ද පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු දීර්ඝ කෙරිණි.

ඊයේ මෙම පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්‌ථාවේදී මුලින්ම කරුණු ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්‍ෂව පෙත්සම් ඉදිරිපත් කර තිබූ නීතිඥවරුන් ය.

ඉන් පසු ඊට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කර තිබූ පෙත්සම්කරුවන් කිහිපදෙනෙක්‌ වෙනුවෙන් නීතිඥවරු කරුණු දැක්‌වූහ.

පසුව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැය භාගයක්‌ පමණ කරුණු දැක්‌වීමෙන් පසු පෙත්සම් විභාගය අවසන් විය.


Previous Post Next Post