ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී එය පැවැත්වීමට නියමිතයි.

අද(07) පස්වරු 7.00ට මධ්‍යයම කාරක සභාව රැස්වන බව එම පක්ෂයේ
ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ එහිදී අවධානය යොමුවනු ඇත.




Previous Post Next Post