පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගයේ සිව්වන දිනය අද

පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(07)  සිව් වන දිනට විභාගයට ගැණීමට නියමිතයි.

අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ
එම පෙත්සම් විභාගය සිදු වෙයි.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණි.

ඊයේ අතරමැදි පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

පෙත්සම්කරුවන් ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු දැක්වීම අද සිදුකිරීමට නියමිතයි.


Previous Post Next Post