රනිල් - මෛත්‍රී ඊයේ රෑ හමුවෙලා : දිවුරුම්දීම හෙට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) රාත්‍රියේ හමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 'අමාත්‍ය මණ්ඩල' සාමාජිකයින් විසින්
ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තින්දුවෙන් පසුව බහුතර ඇති අයට අගමැති ධූරය ලබාදීමට ජනපතිවරයා එකඟත්වය පල කර ඇති බවද මේ අතර වාර්තා වේ.

බොහෝවිට හෙට (15) දිනයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊයේ නඩු තීන්දුවට පෙර ජනාධිපතිවරයා අදාළ තින්දුව ලැබීමෙන් පසුව පැය 24ක් තුළ දේශපාලන අර්බුදය විසඳන බව සිරිසේන මහතා සිය මාධය අංශයට ද දැනුම්දී තිබූ බව මේ අතර වාර්තා වේ.


Previous Post Next Post