තවත් දේශපාලන තීන්දුවක් ගන්න එජනිස ඉවසීමෙන් බලා සිටියි

ඉදිරි දේශපාලන තීන්දු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරන තෙක් ඉවසිලිවන්තව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

ඇතැම් අය පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක් වුවද ජනමත විචාරණයක් හරහා මහමැතිවරණයකට යාමටද හැකියාව තිබෙන බවයි. ඊට ප‍්‍රතිචාර දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඞී.
ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ  "ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පස්සේ තමයි ජනතාවගේ මතය විමසලා...ජනතාවගේ තීන්දුව අනුව මැතිවරණයට යනවද කියන කාරණය විමසිය යුත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූලයි කියලා කිව්වොත් ජනමත විචාරණයක අව්‍යශතාවයක් නෑ. එවැනි තීන්දුවකටත් බොහෝ දුරට ඉඩ තියෙනවා.". යනුවෙනි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ව්‍යවස්ථානුකූල බවට තමන් තවදුරටත් විශ්වාස කරන්නේ යැයි ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

Previous Post Next Post