සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (12) අවසන් වනවා.

මධ්‍යස්ථාන 4661ක දී මෙවර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව හය ලක්ෂ 56,641 දෙනෙක්.

අද දිනයේ විභාගය අවසන් වීමෙන් පසු සාමකාමීව විසිර යන ලෙසයි
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත විභාග අයදුම්කරුවන්ට දැනුම් දුන්නේ.

අද දිනයේ ද විභාගය සම්බන්ධයෙන් හෝ වෙනත් නීතිය කඩවන සිද්ධියක් වෙතොත් ඒ පිළිබඳ 1911, 0112 42 11 11 සහ 119 යන පොලිස් හදිසි ඇමතුම් අංකයට ද දැනුම් දිය හැකියි.

එමෙන්ම පාසල් විභාග සංවිධාන සහ ප‍්‍රතිඵල ශාඛාවේ දුරකතන අංකවලට ද තොරතුරු දැනුම් දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.


Previous Post Next Post