අගමැතිට කැබිනට් මණ්ඩලයට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා කැබිනට් මණ්ඩලය ක‍්‍රියාකත්මක වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් මන්ත‍්‍රීවරුන් 122ක් විසින් ගොනු කර ඇති පෙත්සම අද දිනයේ අභියාචනාධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

ඒ අනුව අද දිනයේ අභියාචනාධිකරණය තීන්දු කරන ලද්දේ අදාල
පෙත්සම ලබන ජනවාරි 16, 17, 18 දිනවලදී විභාගයට ගැනීමටයි.

අගමැති හා කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වීම අත්හිටුවමින් මේ වන විට අභියාචනාධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර ඇත.

-lankacnews
Previous Post Next Post