අගමැති හා කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බලමිනි.

ඔවුන් සිය පෙත්සම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා
කැබිනට් මණ්ඩලයේ කටයුතු කටයුතු අත්හිටුවමින් කෝවේ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම් පසුගිය 30 දා අද දිනයේදී සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

මෙම පෙත්සම් නැවතත් එළැඹෙන 12 දා විභාග කිරීමට නියමිතය.

Previous Post Next Post