රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොළඹ කොටුව ප්‍රදේශයේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කර තිබු විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

කොළඹ රීගල් වටරවුම ආසන්නයේ පැවති විරෝධතාවයට මෙලෙස පොලිසිය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වන විට කොටුව හා
ලේක්හවුස් වටරවුම ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.

Previous Post Next Post