පළාත් සභා 06කින් එකම තීරණයක්

රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමඛ ආණ්ඩුවට සහය නොදීමට පළාත් 06ක ප‍්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර තිබෙනවා.

මෙම තීරණයට එළඹ ඇත්තේ ශ‍්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය
නියෝජනය කරන ප‍්‍රධාන අමාත්‍යවරුන් පිරිසයි.

ඒ අනුව බස්නාහිර, උතුරුමැද, දකුණ, ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරුන් මෙලෙස වත්මන් ආණ්ඩුවට සහය නොදීමටයි තීරණය කර ඇත්තේ. සිය තීරණය පිළිබඳ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය අදහස් පළ කරමින් සඳහන් කළේ "මහඇමතිවරු 06 දෙනා කොළඹට රැස්ව මෙම තීරණය ගත් බවත් මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හෝ එජාපෙ ආණ්ඩුවකට සහය දෙන්න බලාපොරොත්තුවෙන් සිටී නම් ඔහු වහා ශ්‍රීලනිපයෙන් ඉවත් විය යුතුයි." යනුවෙනි.

මේ අතර උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බලය මේ මොහොතේ පාවා නොදිය යුතු බවයි.

ජනතා මතය අනුව කටයුතු කිරීමට තම කණ්ඩායම සූදානම් බවයි පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යවරුන් මෙහිදී කියා සිටියේ.

Previous Post Next Post