පොලිස් නිළධාරින් දෙදෙනා ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාලව එම පුද්ගලයා කිලිනොච්චිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව
පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සැකකරු කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි රාසනායගම් සර්වානන්දන් නමැති 48 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් ප්‍රදේශයට ගොස් සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් කණ්ඩායමට භාරදීමට නියමිත බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Previous Post Next Post