අනිද්දා සිට වැසි අඩුවන ලකුණු

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දැනට උතුරු,උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් දනොවැම්බර් මස 11 දින සිට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුරු ස උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව වාර්තා වෙයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


Previous Post Next Post