රනිල්ට එරෙහිව පොලිසියට ප‍්‍රබල පැමිණිල්ලක්.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ්…(Video)

හිටපු අගමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් බාර දී තිබේ.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ අගමැති ධුරයෙන් ඉවත් කර තිබියදීත් අගමැති නිල නිවාසය බලහත්කාරයෙන් අල්ලාගෙන රාජ්‍ය
දේපල අවභාවිත කරන බවටයි.

මෙම පැමිණිල්ල බාර දී ඇත්තේ අමාත්‍ය් ලේකම්වරුන්ගේ සංගමය විසිනි.

රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කලද ඇප නොලැබෙන වරදක් වන අතර පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් දේශාපලඥයන් ගණනාවක් රිමාන්ඩ් කරනු ලැබීය.

Previous Post Next Post