අඩු පීඩනයෙන් අදත් අපිට වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුළින් බර ස්වභාවයක් දක්නය ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා අංශ පවසයි.

දිවයිනේ උතුරේ අර්ධය හරහා හමා යන පැයට කිලෝ මීටර 50-60 දක්වා
තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නි‍වේදනය පිළිබඳ අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

දිව‍යිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද වාර්තා වෙයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප‍්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි.


Previous Post Next Post