අදත් තද වැසි

අද(30) දිනයේ දීත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ ඌව පලාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර
දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේ දී මිදූම සහිත තත්ත්වයක් ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

Previous Post Next Post