ලංකාවට තමන්ගේ රටේදීම සිය ස්වෛරීභාවය අහිමි වෙලා - අමෙරිකානු ආරක්ෂක ලේකම්

චීනයේ ණය උගුලේ සිරවීම නිසා කණගාටුවෙන් සිටින ආසියානු සහ ඉන්දු-පැසිෆික් කලාපයේ රටවල් අමෙරිකාව සමග සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින බව අමෙරිකානු රාජ්‍ය ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසනවා. ඔහු සදහන් කරන්නේ මෙම තත්ත්වය ලෝකයට තර්ජනයක් වී ඇති බවයි.

"දැන් ශ්‍රී ලංකාව සිදුවූ දේ පිලිබදව සිතා බලන්න. චීනයේ ණය නිසා
ඔවුන්ට ඔවුන්ගේම වරායේ ස්වෛරීභාවය අහිමි වෙලා තියෙන්නේ. මේ ගැටළුව සම්බන්ධයෙන් මම ඉතා නුදුරේදීම වොෂිංටන්හි සිටින මාගේ පාර්ශවකරු සමග සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තමයි චීනය ගැන තිබෙන ගැටළු වලින් එකක් වන්නේ.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ මිට සති දෙකකට පමණ ඉහතදී සිංගප්පුරුවේ පැවති අග්නිදිග ආසියානු සංගමයේ සැසිවාරයට සහභාගී වීමෙන් පසුවය. එම සැසිවාරයට සහභාගිවූ බොහෝ රටවල් පෞද්ගලිකව චීනයට තිබෙන ණය
පිළිබදව කණස්සල්ලෙන් පසුවන බවත් ඒ සදහා ඉදිරියේදී අමෙරිකාවේ මැදිහත්වීම අපේක්ෂා කරන බවට පෙනී යන බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.

රුසියාව සහ චීනය සම්බන්ධයෙන් ද මෙහිදී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ චීනයට අවශ්‍ය ඔවුන් වටා පිහිටි අනෙක් රටවලට සිය ආධිපත්‍ය පැතිරවීම බවයි.

-The Economic Times

Previous Post Next Post