ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

නොවැම්බර් මස 05 වැනිදා රැස්විය යුතුව තිබූ පාර්ලිමේන්තුව තමන් විසින් කල් දමා ඇත්තේ දින 11ක කාලයකට බවත් එය ඉතාම නීත්‍යානුකූලව තමනට ඇති බලතල ප‍්‍රකාරව සිදු කරන ලද බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව යලි රැස් කිරීම
සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා කතානායක කරු ජයසූරිය මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මුණ ගැසුනු අවස්ථාවේදීය.

තමන් පාර්ලිමේන්තුව ස්ථිර වශයෙන්ම 16 වැනිදා රැුස් කරන බවත් පවසා ඇති ජනාධිපතිවරයා එම කාලයේදී රට කිසිසේත්ම ව්‍යාකූල තත්වයකට හෝ අස්ථාවර තත්වයකට පත් වීමට තමන් ඉඩ නොතබන බවත් සදහන් කර ඇත.

Previous Post Next Post