පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුවත් අද අවලංගුයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අද(05) දිනයේ කැඳවා තිබූ උසස් පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුව අවලංගු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයා විසින් ඊයේ(04) උදෑසන දැනුම්දීමක් සිදු කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ යළිත්
පොලිස්පතිවරයා විසින් දැනුම්දී ඇත්තේ අදාළ සාකච්ඡාව අද දිනයේ නොපැවත්වෙන බවයි.

ඒ අනුව ඒ සඳහා  ඉදිරියේදී වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බව ද පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා අදාළ නිලධාරින්ට දැනුම්දී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්විමට නියමිත ජන රැලිය හේතුවෙන් මෙම සාකච්ඡාව අවලංගු කර ඇති බව වාර්තා වෙයි.


Previous Post Next Post