ජනපති නියෝගයට එරෙහි පෙත්සම් ගැන වැඩිදුර කරුණු දැක්වීම අද

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීති වීරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් පිළිබද වැඩිදුර කරුණු දැක්වීම අද(13) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් විසින් ඊයේ(12)
දිනයේ අදාළ පෙත්සම් ගොනුකර තිබුණි.

අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම්වලට අදාළ කරුණු විමසීම ඊයේ දහවල් ආරම්භ වූ අතර පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් එහිදි කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ පෙත්සම් 13 අතරින් 10 ක කරුණු සලකා බැලීම අවසන් වූ අතර පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම අද දින සිදු  කිරීමට නියමිතයි.

අද දිනයේදී නීතිපතිවරයා විසින් කරුණු දැක්වීමට නියමිත බව  සඳහන් කළේය.

Previous Post Next Post