මැතිවරණය ගැන කථා කරන්න ශ්‍රීලනිප සියලු දෙනා අද කොළඹට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

අද පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

මහ මැතිවරණය සඳහා තරගවදින ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම  මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.


Previous Post Next Post