හෙට දිනය ගැන හෙට තීරණය ගනී

හෙට දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩු පක්ෂය පවසනවා. ඊට අදාළ තීරණය හෙට (27) දිනයේ ලබා ගන්නා බවයි අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ.

ඉකුත් සිකුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂය වර්ජනය
කළා. කථානායකවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කරන බවටයි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් පැවසුවේ.

ඒ අනුව හෙට දිනයේ කුමක් කරන්නේදැයි  කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.

මේ මොහොතේ පැවැත්විය හැක්කේ ජනාධිපතිවරණයක් නොව මහ මැතිවරණයක් බවයි අමාත්‍ය උදය ගම්මන්පිල  ප‍්‍රකාශ කළේ. ආණ්ඩුව මහ මැතිවරණයකට  ඕනෑම අවස්ථාවක සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.



Previous Post Next Post