ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් සමග හතර දෙනෙකු අද (26) යාපනයේ වැල්වෙට්ටිතුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ ස්ථානයට හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක්
පැමිණ සිටි අතර පොලීසිය ඒ සියළු දෙනාගෙන්ම ප්‍රශ්න කොට ඇති බවද සඳහන්.

අවසානයේදී ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා වරද පිළිගෙන තිබෙනවා.

කෙසේවෙතත් කේක් මිස ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ වෙනත් කිසිවක් නොතිබූ නිසා පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පසුව නිදහස් කොට ඇති බවද සඳහන්.