පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රියර්
අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර තිබෙනවා.

අද (19) දිනයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර කියා සිටියේ.

Previous Post Next Post