අගමැති මහින්දගේ වෙඩි නොවදින රථ ගැන නිවේදනයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සදහා වෙඩි නොවදින රථ දෙකක් ගෙනා බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරී යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බව අගමැති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේ මොහොත වනවිට අලූත් වාහන ඇනවුම්
කර නොමැති බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරනවා.

Previous Post Next Post