අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.

එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම
මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළේය.

පාර්ලිමේන්තුව හෙටට කල් තබයි

පාර්ලිමේන්තුව නැවතත් හෙට (30දා) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

මේ අතර අද දින රැස්වූ පාර්ලිමේන්තුව නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනිව පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමක් බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය

අද(29) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Previous Post Next Post