අදත් නව ඇමති දිවුරුම් දීම්

නව කැබිනට් මණ්ඩලය පත්කර අවසන් කිරීම දින දෙකක් ඇතුළත සිදුකර අවසන් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. සහාය ලබාදෙන එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ දිවුරුම්දීම් අද (02) සහ හෙට සිදුවනු ඇති බවටයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක ප‍්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගම ද ඒ බව තහවුරු කළා.

එක්සත් ජාතික පක්‍ෂයේ තවත් කිහිප දෙනෙකු ආණ්ඩුවට සම්බන්ධ වන බවයි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ නව පත්වීම ලැබීමෙන් පසු ඊයේ රාති‍්‍රයේ කියාසිටියේ.


Previous Post Next Post