අගවිනිසුරුට යැව්ව ව්‍යාජ ලිපිය ගැන CIDයට පැමිණිල්ලක්

කථානායකවරයා විසින් අගවිනිසුරු නලීන් ජයලත් පෙරේරා මහතා වෙත යවන ලදැයි පැවසෙන ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ව්‍යාජව සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද මෙම ලිපිය පිළිබඳ කථානායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහ
ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල කර ඇති බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කථානායකවරයා විසින් අගවිනිසුරුවරයාට යොමු කරන ලද මෙම ලිපිය සාවද්‍ය ලිපියක් වන බවට කථානායක මාධ්‍ය අංශය විසින් අද උදෑසන නිවේදනය කර තිබුණි.

2018.11.20 දින මෙම ලිපිය නිකුත් කර ඇති බව ද වාර්තා වෙයි.

එම සාවද්‍ය බවට ප්‍රචාරය වන ලිපිය කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන ලිපි ශීර්ෂය යටතේ කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව දක්වා තිබේ.



Previous Post Next Post