ගීතා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනියි

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගත් බවට වන ලිපිලේඛන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත බාරදී තිබේ

අද(21) දිනයේ එම ලියකියවිලි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ
මහත්මිය මේ බව සඳහන් කළේය.

මැතිවරණයට තරග කිරීම සඳහා ගැටළුවක් නොමැති බවට ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා අදාළ ලිපි අද දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙ බාර දුන් බව එතුමිය සඳහන් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ ලිපි බාර ගෙන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන බවත්  පසුව මාධ්‍ය වෙත දැනුම් දෙන බව සදහන් සභාපතිවරයා සඳහන් කළ බව එතුමිය පැවසීය.

ජනාතව වෙනුවෙන් ගැටළු සහගත තත්ත්වයන් මැද ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගත් බවත් ඉදිරිමැතිවරණයේදී නිසැකවම ඉදිරිපතත් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Previous Post Next Post