මේ සිරාව ගෙදර යවන එක අපට කජ්ජක් නෙමෙයි..- කිරිඇල්ල

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ආණ්ඩුවට එරෙහිව දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන යුක්තියේ ජනහඩ මහනුවර විරෝධතා රැළිය සදහා විශාල ජනතාවක් එක් වී සිටිනු දැකගත හැකිවිය.

එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ති‍්‍රක් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම විරෝධතා ජනරැළිය සංවිධානය කර තිබූ අතර මෙම
ජනරැළිය සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සිය`එ පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක රවුෆ් හකීම් මනෝ ගනේෂන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සජිත් පේ‍්‍රමදාස මයන්ත දිසානායක රවී කරුණානායක වසන්ත අඑවිහාරේ රංජිත් අඑවිහාරේ ජේ.සී අලවතුවල රෝහීණී කවිරත්න යන මහත්ම මහත්මීන්ද එක් වී සිටියා.

රැස්ව සිටි ජනතාව ඇමතූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

පසුගිය මැතිවරනයේදි මහනුවර දිස්තී‍්‍රක්කය එක්සත් ජාතික පක්ෂය අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබුවත් මෛත‍්‍රිපාල සිරිසේන බලයට පත් වූ දා සිට මහනුවරට කළේ කෙනෙහිලිකම්. නමුත් එතුමා ව්‍යාජ අගමැතිවරයෙක් පත්කරලා කරන්න හිතාගෙන හිටපු සැලසුම් හිතාගෙන හිටපු තරම් ලේසි වුණේ නැහැ මෛතී‍්‍රපාල සිරිසේන හිතුවේ එක්සත් ජාතික පක්ෂය කැඩෙයි කියලා. නමුත් අද අපේ පක්ෂය තවත් ශක්තිමත් වෙලා. අවුරුදු 10ක් විපක්ෂයේ ඉදලා අපට ආරක්ෂාවවත් වෙන කිසිම දෙයක් නැතුව මහින්ද රාජපක්ෂ ගෙදර යවපු අපිට මේ සිරාව ගෙදර යවන එක කජ්ජක් නෙමෙයි.

ලෝකයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය එළියට යනවා. හරිනම් යන්න ඕන විපක්ෂය. ඒත් මේ ව්‍යාජ ආණ්ඩුවට බහුතරයක් නොමැති නිසා පාර්ලිමේන්තුවෙන් එළියට යනවා. තව ටික දවසකින් අපේ බහුතරයට තවත් අය එකතු වෙනවා යනුවෙන්ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ප‍්‍රකාශ කලා.

– රජිත සමරසූරිය

Previous Post Next Post