කථානායකගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්

තමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් හෝ නව රජය තමන්ට හිමි බහුතරයේ ශක්තිය පෙන්වා දෙන්නේ නම් තමා සතුටු වන බව කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර සිටිනවා. අද (23) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පහසුවෙන් කල
හැකිව තිබියදී කථානායක අසුන බලෙන් පැහැර ගනිමින් සභාගර්භයට පිවිසිමට බාධා කරමින් පාර්ලිමේන්තුවෙන් බාහිරව පාක්ෂිකයන් ලවා විරෝධතා පවත්වමින් කරන කටයුතු නිෂ්පල බවද පක්ෂ නායක හමුවේ දී කථානායකවරයා සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තුව  නියෝජනය කරන පක්ෂ  06 ක් අතරින් පක්ෂ 04 කට අයත් නියෝජිතයන් 122 දෙනෙකු වර්තමාන පාලනය නොපිලිගන්නා බව  විශ්වාසභංග යෝජනාවෙන් සහ ලිඛිත ප්‍රකාශ මඟින් ද  දිගින් දිගටම පෙන්වා දී ඇති බැවින්, බහුතර මතයට කන් දීමට තමාට සිදුවන වන බවත්, එය කිසිවිටෙකත් පක්ෂග්‍රාහි වීමක් නොවන බවත් කථානායකවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.


Previous Post Next Post