'අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි' - ජවිපෙ

අද (14) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ලබාදුන් තීන්දුව වඩාත්
ශක්තිමත් කිරීමට එහිදී හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

පාර්ලිමේන්තුව අද දිනයේ රැස් කිරීම නීත්‍යානුකූල නොවන බවට සිදු කෙරෙන ප‍්‍රකාශවලට ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී පෙන්වා දුන්නේ "කථානායකවරයා අද පාර්ලිමේන්තුව රැස්වන බව දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුවයි." යනුවෙනි.

Previous Post Next Post