චන්ද්‍රිකා ශ්‍රීලනිපය සුරැකීම අතට ගනී !

2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින් ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමඟ එක්වී ශ්‍රිලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තරයේ හෙළා දකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අංශය විසින්
නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

ජනවාරි අට ශ්‍රිලනිපයත් අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ඒකරාශි කරගෙන වැදගත් රටක් පිරිසිඳු පාලනයක් ගොඩ නැගීම සඳහා කළ සටන ජය ගත්තත් ශ්‍රිලනිප විරෝධී කොටස් පොහොට්‍ටු පක්ෂයට එක්වී ශ්‍රිලනිපය යටපත් කිරීම සඳහා උත්සාහයක් දරණමින් තිබෙන බව ඇය අවධාරණය කරයි.

එමෙන්ම, ශ්‍රිලනිපය අත්හැර මොනයම් හෝ පක්ෂයකට කවුරු ගියත් තමන් පක්ෂය අත් නොහරින බවත් වැටී තිබෙන පක්ෂය යළිත් වතාවක් ගොඩනගා ජයග්‍රාහි මාවතට ගෙන ඒම සදහා සැබෑ ලෙසම ශ්‍රී ලනීප යට ආදරය කරන පාක්ෂිකයන් සමඟ තමන් ද ඇප කැප වෙන බවත් ඇය සපත කර සිටී.


Previous Post Next Post