විජයකලාගේ නඩුව දෙසැම්බර් 07 යළි කැඳවයි

එල් ටී ටී ඊ සංවිධානය නැවත පිහිටුවිය යුතු බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නගා ඇති නඩුව ලබන දෙසැම්බර් මස 07වනදා යළි කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

මෙම නඩුව ගොනු කර ඇත්තේ සිංහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළ පැමිණිල්ලක් අනුවයි.

ප‍්‍රශ්ණ ගත ප‍්‍රකාශය සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් ඉකුත් ඔක්තොම්බර් 08වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා. පසුව අධිකරණ නියෝගයකින් ඇය ඇප මත මුදැ හැරුණා.



Previous Post Next Post