හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (24) දිනයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි ප‍්‍රකාශ කෙරුණේ. බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව ඒ අතරින් ප‍්‍රධානයි. ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලටත් මිලිමීටර් සියය ඉක්ම වූ තද
වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.


Previous Post Next Post