ඩොලරය තවත් පිම්මක් පනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.12 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ
විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද දිනයේ දී එය පළමු වරට රු. 174 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ(22) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රුපියල් 173.38 ක් ලෙස සනිටුහන් විය.

Previous Post Next Post