අද සිට STF බන්ධනාගර රාජකාරී අරඹයි

පළමුව එම කටයුතු ආරම්භ වන්නේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන්.

පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු සෙසු බන්ධනාගාරවල ද මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට
නංවනු ඇති.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාරගෙන් විමසීමක් කළා.

එහිදී, බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම ඇතුළු ප‍්‍රධාන කරුණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර කියා සිටියේ.

"බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව. බන්ධනාගාරයට පැමිණෙන රැඳවියන්ගේ ඥාතී පිරිස්, බන්ධනාගාර නිලධාරීන් ඇතුල්වීමේදී සහ පිටවීමේදී පරීක්ෂා කිරීම මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පැවරෙනවා." යනුවෙන්ද සඳහන් කළා.

ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම විවිධ අපරාධ බන්ධනාගාර තුළ සිට ක‍්‍රියාත්මක කරන බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.


Previous Post Next Post