උඩරට ප‍්‍රහාරයෙන් වෙල්ගම නොසැලේ.. මහින්දගේ නිවසින් එලියට බැස තදින්ම අමතයි..

කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම මන්ත‍්‍රීවරුන් තමනට එරෙහිව පල කල අදහස් සම්බන්දයෙන් ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතාගේ නිල නිවසේ පැවති ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

විවේචනය කර ගැනීම නවතන්නැයි හිටපු ජනාධිපතිවරයා දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටි බවත් තමනට එල්ල කල විවේචනයට පිලිතුරු දී තමන්ද තවත්වන බව පැවසූ බවත් ඔහු සදහන් කරයි.

තමන්ගේ පුද්ගලික මතය හා පක්‍ෂයේ මතය දෙකක් වන අවස්ථා ඇති බවත් තමන්ගේ මතය ප‍්‍රතාශ කිරීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත් ඔහු අවධාරණය කලේය.

බෙල්ල කැපුවද තමන් එක්සත් ජාතික පක්‍ෂයට නොයන බවද ඔහු දැඩිව කියා සිටියේ මාධ්‍යවේදියෙකු කල විමසීමට පිලිතුරු ලෙසයි.

Previous Post Next Post