ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද අන්තර්ජාලයට

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(05)  පෙරවරුවේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද දෙරණ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මේ බව තහවුරු කළේය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ වහාම විභාග දෙපාර්තමේන්තුවේ
www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා පැවැත්වුණි.

මෙවර විභාගය සඳහා පෙනී සිටි අයඳුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326කි.

Previous Post Next Post