එජාප මන්ත‍්‍රින් මිලට ගන්න චීනය බිලියන ගණන් වියදම් කරනවා.. රන්ජන් බීජිං පාලනය කෝප ගන්වයි..

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීම සදහා චීනය විසින් මුදල් වියදම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

චීනයට උවමනා වී ඇත්තේ මේ රට සින්නක්කරව ගැනීමට බවත් ඒ සදහා
මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් මුදල් වියදම් කරමින් ඇති බවටත් ඔහු චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අරලිගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා විසින් ලොය ප‍්‍රබල රාජ්‍යක් වෙත මෙසේ එල්ල කරන්නේ බරපතල චෝදනාවක් වන අතර එය බොහෝ දුරට මෙරට රාජතාන්ත‍්‍රික සබදතා සම්බන්දයෙන්ද දැඩි ගැටලුකාරී තත්වයක් පැන නගිනු ඇත.

කොලඹ සිටින චීන තානාපති නිලධාරීහු මෙරට සිදුවන ඉතා සුළු දේශපාලන චලනයන් සම්බන්ධයෙන් පවා සාවධාන වන අතර මේ සම්බන්දයෙන් දැනටමත් බීජං පාලනය දැනුවත් කර ඇතිවාට කිසිදු සැකක් නැත.

Previous Post Next Post