අගමැතිධුරය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයන් දෙකක්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතුය කළ බවට දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවට අනුව
අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ පත්වීමේ බලධරයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරයාගේ බලතලවලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන බව දන්වමින් එක් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිධුරයට පත් කළ බවට දන්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


Previous Post Next Post