ඉන්ධන මිළ වැඩිවීම විදුලිබල මණ්ඩලයටත් අමාරුයිලු

ඉන්ධන මිළ ඉහල යාම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ආර්ථික තත්ත්වයටද එය අහිතකර ලෙස බලපා ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ එම බලපෑම සමනය කර ගන්නේ කුමන ආකාරයෙන් දැයි සොයා බැලීමක් සිදුකළ යුතු බවයි.

කෙසේවෙතත් පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් දෛනික
ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සදහන් කළා.

Previous Post Next Post