"ජ්‍යේෂ්ඨ උපුල් ඉවතට, හතුරුට මිතුරු කුසල් ඇතුලට" පාලකයන්ගේ අමන තීරණ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුධය උග්‍ර වන හැටි!

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. ඒ කණ්ඩායමේ තේරීම් සිදු කළ අන්දම හේතුවෙනි. මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එංගලන්තය කඩුලු හතක ජයක් ලබා ගැනීමට සමත් විය.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායමට මුල් පෙල
පිතිකරුවෙකුගේ අඩුව තදින් දැනුනු අතර ඒ කණ්ඩායමේ වැදගත්ම ස්ථානය වන නොම්මර තුන ස්ථානය ක්‍රීඩා කිරීමට එක්කළ කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි ලකුණු බිංදුවකට දැවී යාම නිසාවෙනි.,

දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ තබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව නෙත් ගොසිප් මින්පෙර හෙළිකළේය. දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් එංගලන්ත සංචාරයේ මුල් තරග ද්විත්වයෙන් ඉවත් කර තිබුනි. කෙසේ වෙතත් නැවතත් තුන්වෙනි තරගයේද අසාර්ථක කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ අවස්තාවක් හිමි වූයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක උපුල් තරංග කණ්ඩායමෙන් ඉවත් කරමින් ය. සුපුරුදු පරිදි එම තරගයේත් අසාර්ථක වූ කුසල් ලකුණු බිංදුවට දැවි ගියේය. මේ වනවිට කුසල් මෙන්ඩිස් ලකුණු බිංදුව දැවි යාම පුරුද්දක් කරගෙනය. කොතරම් අසාර්ථක වුවද කණ්ඩායමේ ස්ථානයක් අනිවාර්යෙන් හිමිවන නිසා කුසල් මෙන්ඩිස් මෙලෙස අපරීක්ෂාකාරීව ක්‍රීඩා කරන බව එල්ල වන තවත් චෝදනාවකි. කුසල් මෙන්ඩිස් අවසන් එක්දින තරග ත්‍රිත්වයම ලකුණු බිංදුවට දැවි යාම විශේෂත්වයකි.

මෙලෙසින් කොතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් වෙන් කර දී තිබෙන්නේ කණ්ඩායමේ ඉහළම බලධාරියෙක් බව කියවේ. මෙම පෞද්ගලික න්‍යාය පත්‍ර නිසා සැබෑ දක්ෂයන්ට අවස්තාව අහිමි වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පරාජයන්ගෙන් පමණක් උරුම වීම සිදුවන්නකි. මෙම බලධාරීන් දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස්ට විවේකයක් ලබා නොදි සිදු කරන්නේ කුසල්ටද අසාධාරණයකි. එමගින් ක්‍රීඩකයාගේද මානසිකත්වය බිද වැටේ.

කෙසේ වෙතත් මෙලෙසින් දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස්ට අවස්තාව ලබා දීම ක්‍රිකට් විචාරකයන්ගේ සහ රසිකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුනි. කොතරම් අසාර්ථක වූවද දිගින් දිගටම කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ අවස්තාව ලබා දී අර්ධ ශතකයක් ලබා ගත් පසු කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ඔහුට ලබා දීම චන්දික හතුරුසිංහගේ සැලසුමදැයි සමාජජාලා මාධ්‍යයන්හී ක්‍රිකට් රසිකයන් ප්‍රශ්න කර තිබුනි.

Previous Post Next Post