අර්ජුන රණතුංග අත්අඩංගුවට- ඛණිජ තෙල් සේවකයින් වර්ජනය අවසන් කරයි

හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ සිපෙට්කෝ ආයතනයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට ඒ මහතා අත්අඩංගුවට
ගෙන ඇත.

ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් ඔහුගේ එක් ආරක්ෂක යොදා අත්අඩංගුවට ගන්නා ලදී.

වෙඩි තැබීමෙන් පසු ඛනිජ තෙල් සේවකයන් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණේ හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමිනි.

ඛණිජ තෙල් සේවකයින් වර්ජනය අවසන් කරයි

හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග ඊයේ (28) රාත්‍රියේ සිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අවසන් කිරීමට එම සේවකයින් තීරණය කර තිබෙනවා.

Previous Post Next Post