Facebook. Twiter තර්ජනයක්.. රට අස්ථාවර කල හැකියි.. වහා මැඩලන්න ඕනෑ..- අගමැති

සමාජ ජාලාවන් නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ දී පැවැති ආරක්ෂක සමුළුවේ
දේශනයක් කරමිනි.

සමාජ මාධ්‍ය, මාධ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන සාම්ප්‍රදායික නොවන්නා වූ එක් තර්ජනයක් ඇයිද පවසන අගමැතිවරයා ෆේස්බුක් ට්විටර් වැනි සමාජ ජාල අද වන විට ලොව පුරා විනාශකාරී බලවේග වී ඇතැයි ද සඳහන් කලේය.

එම සමාජ මාධ්‍යයන් හරහා රාජ්‍යයන් අස්ථාවර කර හැකි ප්‍රවණතාව ඉහළ බව ද අගමැතිවරයා කීය.

මැදපෙරදිග රටවල ටියුනීසියාව හා ඊජිප්තුව සඳහා හොඳම උදාහරණ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එනිසා මෙම තර්ජනයෙන් මැඩලීම ශක්තිමත් උපාය සොයා ගැනීම අවශ්‍ය බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් 2015 මැතිවරණවලදී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි සඳහන් වූයේ තරුණ තරුණියන් සඳහා නොමිදෙයි වයිෆයි ලබාදෙන බවයි.

Previous Post Next Post