Email

20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන යෝජනාවට එරෙහිව රාවණා බලය සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) විශේෂ පෙත්සමක් ගොනු කළා. ඒ, අදාළ යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලමින්.

ඉදිරිපත් කර ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන යෝජනාවේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම
ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවටයි එමගින් දක්වා ඇත්තේ. එය නීතියක් බවට පත් වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප‍්‍රකාශයට පත් කරන ලෙසටද පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

gossip lanka