ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප

ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට  අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු  ලැබු අතර  රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා  ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත ඔවුන්
මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම  නියෝගය නිකුත් කළේය.

යළි නඩුව  ඔක්තෝබර් 9 වැනි දා කැඳවිමට නියමිතය.