ඉදිරියෙදි ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයින් - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ඉදිරියෙදි ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයින්

ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයින් පත් කිරීම ඉදිරි සතිය තුළ සිදු කිරීමට  නියමිතව ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතිය යටතේ  එම පත් කිරීම් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල්
ඉද්දවෙල මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුගේ නිළ කාලය පසුගියදා අවසන් විය.

තිලක් මාරපන,විජිත හේරත්, ඩබ්ලිව් ඩී.ජේ සෙනෙවිරත්න යන මහත්වරුන් සහ සිවිල් නියෝජිතයින් දෙදෙනෙකුගේ නිළ  කාලය අවසන් වූ අතර අග්‍රාමාත්‍යවරයා , විපක්ෂ නායකවරයා සහ කථානායකවරයා එහි නිළ සාමාජිකයින් වේ.

නව සාමාජිකයින් පත් කිරීමේදී මීට පෙර පත් වූ සාමාජිකයින් නැවත පත්වීමේ අවස්ථාව හිමි නොවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.