Email

ඩෙංගු මර්ධන සතිය ඇරඹෙයි

අද (26) සිට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දින කිහිපයක ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව
සහ පොලීසියේ සහයද ලැබෙන බවයි.

 පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් හා ඩෙංගු රෝගයෙන් මිය ගිය පුද්ගලයින්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  කියා සිටියේ.


gossip lanka